තාත්තාට අපි එපාලු…

හස්නී මගෙ පුංචි දුවේ
මානෙත් දඟකාර පුතේ
හීනෙන් ඇවිත් අහන්නෙපා
“අම්මා ඇයි අපිව ළඟට නොගන්නේ..?”
කාටවත් වඩා මගේ පුංචි ලෝකයට මටම විතරක් ඕන උනත්..
හුඟක් හුඟක් සමාවෙන්න..කවදාවත් බැරි උනාට මගෙ උණුහුම ලබා දෙන්න

මගේ අම්මා…

කවදාවත්
වදනකින්වත් මගේ හිත නොරිදපු
බැල්මකිනුදු මට නපුරු නොවුනු
පිරිත් පැන් පොදක් සේ මගේ ගත නිවාපූ
සෙත් කවක් සේ මගේ හිත සනසාපූ
මේ ලොව එකම කෙනා..

අළු මතින් නැගිටපන් පුංචි කිරිල්ලී..

පියාපත් විදහා

ඉගිලියන් පුංචි කිරිල්ලී

සිඳ දැමූ තටු පොඩි

යලිත් දළු ලා එන්නේ..

ඉගිලියන් පුංචි කිරිල්ලී

අත්තටූ සවි වැඩෙයි..

වෙර දරා නැගිට

වැකි දූලි පිසලා

යුගත් විහිදා ඉගිල්ලීයන්

පුංචි කිරිල්ලී

අහස් ගඟ දුර නෑ..

තාරුකා කෝඩයට අත්ල පෑ

දැවී ගිය අළු මතින්

නැගිටපන් පුංචි කිරිල්ලී

ගයාපන් නුඹේ ගීතය

කාලයටවත් මතක් වේවිද

මගේ හිත රිදුනු තරමටම
මගේ නෙත් හඬපු තරමටම
එපා කවමදාවත් නුඹේ හිතනම් රිදෙන්න
එපා ඔය නෙත් ඒ තරම් තෙත් වෙන්න..

ලෝකයක් තරම් ආදරය එකතු කර
දුන්න නුඹෙ අම්මා තරමටම බැරි උනත්
සාගරය තරමටම කරුණාව පෑ ඒ අම්මා තරමටම නැති උනත්
කාලයේ කඩතුරාවට වැසී නුඹට නොපෙනී යන නමුත්
ආදරේ මගේ උසයි මහමෙරට වැඩිතරම්..

කිසිවෙකුත් කිසිකලක දන්නේ නැති උනත්
ඔබත් මමත් බොල් අහසත් පමනක්ම දැන සිටි නමුත්
තව ටික දවසකින් නුඹටත් අමතකව යතත්
කාලයේ මතකයෙ ලියැවිලා තිබෙයි හැමදාටමත්..

නම වගේම..

සඳ සේම සෞම්‍ය උනානම්
සඳ තරමටම
සිහිල් ගුණයෙන් පිරුනි නම්
මීට වඩා වෙනස් වෙන්න තිබුනා
ඔබ ලඟින් හිටිය ඔබට ගොඩාක් ආදරය කරපු හැමදෙනාගේම ජීවිත..