කොළඹින් දුර බැහැර නුවර පළාතෙ ඉපදිලා..දුක් මහන්සියෙන් යමක් ඉගෙනගෙන 2001 වසරෙ මං කොළඹ එන්නෙ නීතිඥ වෘත්තියට පිවිසෙන්න ඇති ආශාවෙන්. CFPS ආයතනයට බැඳිලා නීති විද්‍යාල ප්‍රවෙශ පන්ති යන ගමන් අම්මාට පින් සිද්ද වෙන්න පිළිගැණීමේ නිළධාරිණියක් වශයෙන් මට පුංචි රස්සාවක් හොයාගෙන පිළිවන් වෙනවා. පඩිය සොච්චමක් උනත් මම කැමැත්තෙන් අළුත් රස්සාවට යන්නෙ ජීවිතය කොතැනින් හෝ පටන් ගන්න ඕන නිසා.
ආයතනය නම් එතරම් සතුටුදායක නැහැ. සේවකයන්ට හොඳින් සලකන්නෙත් නැහැ. මට නතර වෙන්න කියලා හරි හමන් තැනක් තිබුනෙත් නැහැ.හුඟක් දුක් වින්දා. හරි කෑමක් බීමක් නැතුව,බස් වල එල්ලීගෙන..සමහර දිනවල පයින් යන්නත් සිද්ද වුනා.
මාස කීපයකට පස්සෙ මම තවත් ආයතනයකට බැඳෙනව..නීතිඥ සමාගමක්. එතනත් පිළිගැණීමේ නිළධාරීණියක් ලෙස. පුංචිකාලෙ ආසාවකුත් තිබුනා ඒ තනතුරට. වෙන රැකියාවල් ගැන මටත් ඒ තරම් ආශාවක් වත් අවබෝධයක්වත් තිබුණෙත් නැහැ. නීති සමාගමට බැඳෙන්න බලපාපු ප්‍රධාන හේතුව නීති ප්‍රවේශය හදාරන නිසා මම හිතුවා එතනිනුත් යමක් මට ඉගෙන ගන්නට පුළුවන් කියා.
මේ ආයතනයෙ හිටිය “වෙන්ඩ හයි ෆයි” නොහොත් “Wannabe..” ගැහැණු ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් නීතීඥවරියක් අනිත් කෙනා සමාගම් ලේකම් වරියක්. මොකක්දෝ හේතුවකට මේ දෙන්නා මුල ඉඳන්ම මට හුඟක් අරියාදු කලා. සමහර විට මම “Gody” කෙල්ලෙක් වෙච්ච නිසා වෙන්න ඇති. කොහොමත් මං වැඩි පෙනුමකුත් නෑනෙ.එක දවසක් නීතිඥ ගෑනු ළමයා කිව්වා මගෙ මූණ වඳුරු මූනක් වගේ කියලා. (එහෙම කියපු කෙනා ඊට අවුරුදු කීපයකට පස්සෙ ඒ කටින්ම කිව්වා “You look so pretty..” කියල..lol)
ඒ වසරෙම මම නීති ප්‍රවේශයට පෙනී සිටියා. ප්‍රතිඵල එනකොට කඩඉම් ලකුණු දෙකකින් අසමත් වෙලා. ආයිමත් විභාගය ගන්න හිත හදාගත්තා. මේ වෙද්දි මගෙ තත්වය යහපත්. හොඳ නවාතැනක් සහ සමාජ ආශ්‍රයකුත් මට ලැබෙමින් තිබුනා. රැකියාවෙනුත් ටිකක් විතර හොඳ පඩියක් ඒ වෙද්දි ලැබෙනව. ඔහොම ඉන්නකොට කොළඹ ප්‍රධාන ආර්ථික මද්‍යස්ථානයකට කාර්යාලය ගෙනියන්න පාළණාධිකාරිය තීරණය කරනවා. මේ වෙනකොට තවත් තරුණ නීතිඥවරියක් ආයතනයට බැඳී හිටියා. ඈ ඉතාමත් අහංකාර වගේම නපුරු සහ ආත්මාර්ථකාමී තැනැත්තියක්.කොහේ ගියත් මට මිනිස්සුන්ගෙන් සහ ගැහැණුන්ගෙන් වන මදිපුංචිකම් වල නම් අඩුපාඩුවක් තිබුනෙ නැහැ.
ඇයත් මා අර කළින් කියූ තරුණියන් දෙදෙනාත් තමයි අළුත් කාර්‍යාලයට ගෙවැදීමේ උත්සවය සංවිධානය කලේ. මටත් ලොකු ආශාවක් තිබුණා ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඒ උනත් ඒ අය අයිති “Posh” සමාජයට මාව ගැලපුනෙ නැද්ද මංදා.
මේ සියළු දෙය අතරේ ආයතන ප්‍රධානියා දවසක් මට කතා කලා. මගෙන් ඇහැව්වා මගේ රැකියාව වෙනස් කරන්න කැමතිද කියලා. වටින් ගොඩින් මට තේරුම් ගියා මේ කියන්නෙ පරණ තැනට මාව ගැලපුණාට අළුත් තැන Reception එකට මාව ගැලපෙන්නෙ නැහැ කියන එක කියලා. හුඟක් හිත් වේදනාවක් ඇති වුනා මට.අළුත් Designation කිව්වාට එතන එහෙම දෙන්න Designations නැහැ. මට වෙන්නෙ ෆයිල් සෙවීම..ෆයිල් කිරීම වගේ දේවල්.
කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ මගේ පෞර්ශය සහ මගේ හැකියාවන්. ඒ දේවල් මතු කරලා පෙන්නන්න මට අවස්ථාවක් පැමිණුනේත් නැහැ.හැමෝම දුටුවෙ අර ගොඩෙ වඳුරු මූණ පමණයි. අළුත් කාර්‍යාලයට ගියාට පස්සෙ මට වෙන කෙණෙහිළිකම් තවත් වැඩි උනා. ඒ වෙද්දි නීති වෘත්තිය ගැන මගෙ කිසිම පැහැදීමක් තිබුනෙ නෑ.ඒ වෙනකොට මගේ අවධානය මාණව සම්පත් කළමණාකරණය යන අපූරු මාතෘකාව වෙත ඇදී යන්නට පටන් ගෙන තිබුනා.
මතු සම්බන්ධයි..
ඕක තම ජිවිතේ.අද සමාජේ යන්තම් හරි ජීවත්වෙන්න සල්ලි ,බලය,පෙනුම , කියන තුනෙන් එකක් වත් ඕනේ.
බැඳීම් අඩු සමාජ ආශ්‍රය අඩු තමන්ගේ පාඩුවේ ජිවත් වෙන එක තම ඇඟට ගුණ.
තව පොඩි කෙස් එකකට තියෙන්නේ මම මානව සම්පත් කළමනාකරණය කරලා , Law කරන්න යන කෙනෙක්.:)
ඔයා එක එක මිනිස්සු එක එක විදියේ දේවල් කරන එක අපිට නවත්තන්න බැහැ නේ .දුක් විඳලා හම්බ කරන ගමන් කොහොම හරි ඉගෙන ගත්ත නම් ගොඩ යනවා ෂුවර්.අත්දැකීමෙන් කියන්නේ .මම කැම්පස් ගියේ නැහැ ,එත් එදා හිතුව කැම්පස් ගියපු මගේම යාලුවොන්ට චැලේන්ජ් එකක් දෙනවා කියල.අද මම මාත් එක්කම එකට ඉස්කෝලේ ගියපු යාලුවෝ කරන්නේ නැති දේවල් කරනවා.ඒ අයට අල්ලන්න වත් බැරි උපකරණ එක්ක වැඩ කරනවා.හිත තම ඔක්කොම.ඉවසීම ,උත්සාහය,ජීවිතේ ඊළඟ පියවරට වැඩ කිරීම….ඔතන තමා රහස…