පුස්වෙඩිල්ල උතුමාණන්ට ජයවේවා..!!!!!

අතිගරු පුස්වෙඩිල්ල උතුමානන් විසින් සංවිධානය කරන ලද ලෝක සාම සමුළුව අති සාර්ථක අන්දමින් මේ දිනවල පැවැත්වෙන් අතර ඊට විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඇරයුම් ලබා තියෙනවා.

Friend of the People, Servant to the Nation, Son of the Village, Brother of Freedom, Father of Democracy close relation of human rights සහ cousin of media freedom වශයෙන් ආශික්ලන්තයේ එතුමාගෙ ආදරණීය රටවැසියන් (රට වැස්සියන් නෙමෙයි මෝඩයො. රට වැසියන් ඒ කියන්නෙ කන්ට්‍රිස් පීපල්ස්)ගේ ප්‍රශ්න ගැනත් එතුමා අවධානය යොමුකරන්ඩ අමතක කලේ නෑ.

සමුළුවේ ආරම්භක අවස්ථාවෙ සිට එතුමාගේ අතිවිශිශ්ඨ බුද්ධි මහිමය,පාන්ඩිත්‍ය,විචක්ශනශීලීත්වය සහ වාග් චාතූර්‍ය පැමිණ සිටි සියළු විදේශීය නියෝජිතයන් පුදුමයටත් අමන්දානන්දයටත් පත් කල අතර අපිට හරි ආඩම්බර හිතුනා පුස්වෙඩිල්ල උතුමාණන් වැනි අති උත්කර්ශවත්,ජොලිවත් සහ තව තවත් ඒවාවත් නායකයෙක්ගේ යටත් වැසියන් වීම ගැන.

වෙස්ටන් තිංකිං මහත්තය අහන් ගොං ප්‍රස්නවලට සිරිල් නිතරමසෆරිං ලේකම්තුමාට යකා නගින එක සාධාරනයි. ඇයි අප්පා..උන්නැහෙ අහන ඉංගිරිස් වලට අපිටත් යකා නගිනකොට. ශිහ් ට්‍රාන්පෝමර් කෙනෙක් නැති එකේ අඩුව ලොකුවට පෙනුන. ඇයි වදේ සුද්දො වෙලත් මුං එකෙක්ටවත් බැහැනෙ හරියට ඉංගිරිස් කතාකරගන්ඩ. උංගෙ ඉංගිරිස් කොච්චර අප්සෙට්ද කියනවනං..සෙක්ටරි ටූ ලොක්කා’ස් සෙක්ටරි (ඒ කිව්වෙ මේ සිරිල් මහත්තයාගෙ සෙක්ටරි කොල්ලා)ට දෙපාරක්ම කලන්තෙ හැදුනා ඔන්න බොරු නෙමෙයි මං කියන්නෙ.. අහල බලන්න පුලුවන් අර හඳුන්ගේ කොල්ලාගෙන්.(හඳුන්ගේ කිව්වට දැං කව්රුවක්කත් දන්නෙ නෑ මයෙ හිතේ.හැණ්ඩි කියල නම වෙනස් කොරගෙන නිසා.)

සමුළුව අතරෙ ලොක්කා පොඩි ඉඩම් ඩීල් එකකුත් දාගත්තා. වැඩේ ගොඩ ගියොත් ඔන්න ආශික්ලන්තෙ අපිටත් මැදපෙරදිගට අයිතියක් තියෙනව. හැබැයි පලස්තීන් ඊශ්‍රායෙල් ලොක්කො දෙන්නා අපෙ ලොක්කා දුන්න ඇඩ්වයිස් විදිහට වැඩ කරොත් විතරයි.ඒ අස්සෙ සිරිල් මහත්තය අතින් වස වැරැද්දක් වෙලා.. උන්නැහැ අතින් වැරදිලා මාලදිවයින චීන්නුන්ට විකිනිලා. පුස් වහාම ඒ ඩීල් එක කැන්සල් කලා විතරක් නෙමෙයි සිරිල්ට හොඳ ගුටි පූජාවකුත් දුන්නා.

මේ අතර චමින් එයා(ර්) එක පාඩුවට දුවන එක ගැනත් එතුමා අවධානය යොමු කරා.චමින් එයා(ර්) ගරු සභාපති සාඩින් පැකින් මුදලාලි මහතා ඊට විසඳුමක් වශයෙන් ආරක්ශිත ආසන පටි සඳහා ඉතා සුළු බද්දක් අය කරන්නට යෝජනා කල අතර බද්ද ගෙවීමට අකමැති අයට කොහු ලණුවක් හෝ තම කලිසමේ බෙල්ට් එක පාවිච්චි කර සීට එකට ගැටගසාගන්නට හැකි බවද සඳහන් කලා. සුනිල් බයිලා චක්‍රවර්තී සූරීන් විසින් චමින් එයා(ර්) නව තේමා ගීතය දොරට වැඩම කල අතර එයට සභාවේ ප්‍රසාදය හිමි උනා.

අර හැම වෙලේම නාහෙන් අඬාගත්තුගමන්ම ඉන්න එක්කනා..වික්‍රම නිකම්සිංහ..(අපෝ ලොක්කා මොනවට මිනිහව ලංකරගෙන ඉන්නවද මංදා) එච්චර වැදගත් සභාවක් මැද්දෙ තමංගෙ පුටුව අර ලව්දාස් කොල්ලා හොරකං කරන්ඩ හදනව කියල පෙරලි පෙරලි අඬන්න පටන් ගත්තා. චික් ලැජ්ජාවෙ බෑ.අර ඇවිත් හිටිය පොරින් කට්ටිය මොනව හිතුවද දන්නෙ නෑ. අන්තිමට නලව ගත්තෙ ලොක්කාගෙ පුටුවෙ පොඩි සයිස් එකක් තෑගි කරල. ලව්දාස්ව ගෙන්නල පයිල් එකක් පෙන්නල දෙකයි කිව්වෙ ලව්දාස් පොරොන්දු උනා කට පියාගෙන ඉන්ඩ. නිකම්සිංහ මහත්තයට නූලකින්වත් හිංසා කරන්නෙ නෑය,ඒ පුටුවට තියෙන ආසාව වගේම පුස්වෙඩිල්ල ලොක්කාගෙ පුටුවට තියෙන ආසාවත් අත අරිනව කියල විරහ ගීතයකුත් කියලයි ගියෙ.

පා.ම. බංකී පුස්වෙඩිල්ල සංවිධානය කරන P.C.C (Puswedilla Cricket Club) ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පින්ලන්තය, අයිස්ලන්තය,බලුකිස්තානය ඇතුළු රටවල් කීපයක සහභාගීත්වයෙන් පවත්වන්නට සූදානම් කරල තියෙනව. පාකිස්තානය,ඉන්දියාව, දකුනු අප්‍රිකාව වගේ රටවල් මේකට සහභාගී කරගන්නෙ නැහැල්ලු. හොඳවැඩේ..ආශික්ලන්තයට මුං දිනන්ඩ චාන්ස් එකක් දෙන්නෙම නෑනෙ.

අතිගරු චමින්ද පුස්වෙඩිල්ල උතුමානන් වගේ ජාතිය අමතන්ඩ නිකම්සිංහට නිකමටවත් බැරිය කියල මුළු ලෝකෙටම පෙන්නා දෙමින් සමුළුව ඉතාමත් සාර්තකව නිම උනා.මේක ලියපු මමත් ඊලඟට තිබුන පලවෙනිම චමින් එයා(ර්)යානයෙන් මෙහාට ආව මේ විස්තරේ ඔයාලට කියන්ඩම ඕන නිසා.
ඇත්ත වශයෙන්ම පුස්වෙඩිල්ල කියන්නෙ අපට ආඩම්බරයක්. අපට ආඩම්බරකාර පියාණන් කෙනෙක්, ලොකු තාත්තෙක්,බාප්පෙක්..(ඉහි ඉහී)
එතුමාගේ චරිතාපදානයේ සංශිප්තය පහත වීඩියෝවෙන් නරඹන්න.
අතිගරු පුස්වෙඩිල්ල උතුමානන්ට ජයවේවා!

Advertisement

2 thoughts on “පුස්වෙඩිල්ල උතුමාණන්ට ජයවේවා..!!!!!

  1. පත්තරේක දැක්කා මේක බලලද කොහෙද රජ තුමත් නවත්තගන්න බැරුව හිනා වෙනවා….

  2. rathutharuva says:

    @ ඔබ නොදුටු ලොවක්,
    කොමෙන්ටුවට ස්තූතියි. මේ නාට්‍ය බලලා ඉවර වුනාමයි තේරුනේ අපි බඩ පැලෙනකල් හිනාවුනේ මේ අපිටමයි නේද කියල. අපේ මනාපෙ හිඟාගෙන ලොකු පුටුවලට ගිහින් අපිට සලකන්නෙ අපි අං තට්ටුවක් තියෙන කකුල් හතරෙ අය කියල හිතාගෙන.ආශික්ලන්තෙ නම් ඉන්නෙ එක පුස්වෙඩිල්ලක් විතරයි. අපේ ලංකාවෙ නගර සභාවෙ ඉඳල ‘දියවන්නා ඉන්’ එකට යනකම් ඉන්න හැමෝම නිකම්ම නිකං පුස්වෙඩිල්ලලා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s