Image January 24, 2013 by rathutharuva සලකුනක් වත් නෑ.. අපි ඔහේ ඇවිද ගිය මං මාවතේ.. අපි ගිය වගට සලකුනක් වත් නෑ.. පිණි වරුසාවේ තෙමී.. උණුහුමට තුරුළු වී.. අපි සිපගත් වගට සලකුණක්වත් මහ නුගය යට නෑ.. නොදැනීම හමු වී.. නොකියාම වෙන් වී.. දෙමංසලකදි දෙමග ගිය වග කව්රුවත් දන්නෑ.. About these ads Like this:Like Loading...
අමතකද අද, ඇවිද ගිය දින
නුඹ හොරෙන් මට කිව්වා
නිමක් නොපෙනෙන, නිසා මෙගමන
මකා දමමුද ඇහුවා
වැටුණු පිනි අහසෙදි ම වියැලී
වැහි තිතක් වත් නොහෙලා
තෙමෙන්නට පෙරුමන් පිරූ ඒ
පොලොව පැලිලා මැරුණා
උණුහුමේ දුන් හාදු සේරම
නුගය ළඟ තනි කළදා
ඇති වුනු දුකට, සලකුණු මකා
මහ නුග පවා වල් වැදුණා
නොදැනීම හමුවුනත්
නොකියාම වෙන් වුනත්
දෙමංසලකදී එදා
දෙමගක බෙදී ගියත්
අද වුනත්, නුඹ ඇවිත්
මගෙ හිතට එබිකම් කලොත්
බලන්නට හැකිය ඔය
සලකුණු එකක් නෑර……….