ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා පුංචි පුංචි කවි නිසඳැස් ලිය ලිය හිටියට එව්වා කියවන්න කෙනෙක් නම් හිටියෙ නැහැ.කාටවත් දෙන්න හිතුනෙත් නැහැ, මොකද කව්ද දන්නෙ මොනවා කියයිද කියලා..?
ඒ උනත් මේ ලඟදී දවසක් office එකේ යාළුවෙක්ට නිකං මම ලියපු එව්වා මෙව්වා ටිකක් පෙන්නුවාම එයා තමයි මේ විදිහට blog එකක් ගැන අදහස දුන්නේ.
රතු තරුව මහා ලොකු දාර්ශනිකයෙක්වත් මහා ලොකු කිවිඳියක්වත් නෙවෙයි..
ඒ උනත් මං ලඟ තියෙන පුංචි පුංචි වචන එකතුකරලා කියන්න හදන්නෙ මේ සුන්දර
ලෝකය මට දැනෙන හැටි(අසුන්දර දේවල් නැතුවමත් නෙමෙයි.)
කියවන්න හැකි උනනොත් හොඳ නරක දෙකම කියන්න. භාෂාව ප්‍රශ්ණයක් කරගන්න එපා. ඉතිං අපි කථා කරමු.
මං,
රතු තරුව