අනිත් හැමෝටම හිටියත්.. මට විතරක් නැති..
ලඟට එන්න හිතුනත්..මට විතරක්ම බැරි..
අහසක් තරම් දුර..සයුරක් තරම් විසල්
කවියක් තරම් ලස්සන.. තනුවක් තරම් මිහිරි
මගේ උනත් එහෙමමත් නැති..හීනයකින්වත් මාව දකින්නේ නැති..
ඇතුවාටත් වඩා මට කිසිම කිසි විදිහකින් නැති..
මට කියන්න.. කඳුලක් තරම් වත් මාව වටිනවානම්..
උදේ පිපුනු මල් පෙත්තක රැඳුනු පිණි බිංදුවක..
රෑ අහසේ පුංචි තරුවක..
හැමදාම දකිනවාද මාව විතරක් මේ විශ්වය පුරාම..?
Category Archives: නිසඳැස්
………….
සිනාවක් නැති කථාවක් නැති
කඳුළත් යළි නොඑන ගමනක් ගිහින්..
කවුළුවක් නැති නුඹෙ හද කුටිය පාමුළ
කෑගසා නුඹට අඬගැසී මුත්
නුඹට නෑසෙන මගේ කටහඬ
තවත් වෙහෙසනු බැරි නිසාවෙන්..
හද රිදුම් දෙන වේදනාවන් තවත් විඳවනු කිම්ද..
නුඹට නොපෙනෙන නුඹට නෑසෙන
තිබුනත් නැති වුනත් නුඹට කම් නැති
නුඹට මහ මෙරක් යැයි මුළා වී මා සිතා සිටි
මගේ ආදරය…
මේ රළු බිමේම මිහිදන් කර
කවදාද නුඹ දැනගන්නේ නුඹටත් නොකියාම මා පිටව ගිය වග…?
……..
යන අතර ජිවිතේ දුර මගක් ගෙවාගෙන
අතරමගදී හමු වූ යාත්‍රිකයාණෙනී..
කොහි සිට ආවාද නුඹ, කාටවත් නොපෙනී
මා මෙතෙක් දකිමින් නිදා උන් පාට පාට
සිහිනයට..?
අළු පාට තවරාපු කඳුළු විතරක් පිරිණු
මගේ මේ සිහිනය නැහැ සොඳුරු..
ඒ උනත් හැමදාම දකින මේ සිහිනයෙන්
අවදිවන්නැයි කියා කියන්නට නම් එපා..
ලෝකයක් පිරෙන්නට දෙන්න කිසි දෙයක් නැති
ලෝකයම පිරෙන්නට ඉල්ලන්න කිසිත් නැති
මට, නුඹ සිහිනයක්මැයි..
කල්ප කාළයක්වත් පෙරුම් පුරා
ලබා ගනු බැරි නමුදු
බලා ඉන්නම් නොපෙනී යන තුරුම මා පසුකර
තව තවත් ඈතට..
බලාගෙන තරු දිලෙන නිශාවේ අහස දෙස
පා කර ලොකුම ලොකු සුසුමක් ඒ අහස දිහාවට
ආයිමත් මම නුඹට නෑ කවි ලියන්නේ….
අයිති නැති කිසි දෙයක් නිසා ලොබ නොබැඳි සිත
ඇයි කියා දන්නෙ නැහැ නුඹ පසු පසම විතරක්
දුවන්නේ..
මට සමාවෙන්න..
ආයිමත් මම දෙන්නෙ නැහැ මගෙ හිතට ආදරේ
වෙන්න නුඹට..
නුඹ කවදාවත් මගේ නෙමෙයි…
මට නම් හැමදාම
ආදර ෆැන්ටසියේ
පාට කුඩය යට මද්දහනේ
ඉර ගල වැටෙනා හැන්දෑවේ
කතා නැතුව හිඳිනා නිසොල්මනේ
ලෝකයේ ලොකුම ලොකු
වැලන්ටයින් විහිළුව..
එපා තවත් දුර ගෙනියන්න
දැන් ඉතින් නවතින්න..
ජීවිතේ සුන්දරයි..
මට නම් හැමදාම
“Valentines Day..!!”
හොරෙන් අහන් හිටිය දෙබසක්..
වීදියේ එක් කොනක
මහ රෑ……
අගු පිළක පහන් කල රාත්රිය
හැමදාම මේ වගේ
සීතලට උණුහුමට ..
දහසක් දනන් මැද
දවසකට රුපියලක් සිඟා ගිය
පුන්චි කොල්ලා
දේදුන්න ඔතා දුන් කොළ දහයකුත් සමඟ
එක දවසක් අහුවෙලා පොලීසියට
ගුටි කෑවා ඇටකටු කැඩෙනකල්
දැන් එතැන් සිට……
“ට්රීන් ට්රීන්..”
“හෙලෝ…පොලිස් ස්ටේෂන්,”
“ඕයි කෝ තමුසෙලාගෙ ලොක්කා..?”
“ඕ.අයි.සී සර්, කෝල් එකක්..”
“සර්.. මේ නවයේ වත්තේ කළු විල්බට්..අද අල්ලපු එකා මගේ ගෝළයෙක්..”
“ආ ඇත්තද?.. මේ.. අපෙ ගෙදර ළඟදි පොඩි උත්සවයකුත් තියෙනවා..”
“සිම්පල්නෙ බොස්..මට බඩු ලැයිස්තුව ලැබෙන්න සළස්සන්න..”
“පී.සී..,ගන්නවා ඔය කොල්ලාව එළියට..ජීප් එකෙන්ම ගිහින් දානවා නවයෙ වත්තට..”
දෙන්න මට උත්තර …
විකිනෙන ස්ත්‍රීත්වය
කිසිදු විළි ලැජ්ජාවක් නැතිව
සිරස,රන් වාහිනී
විකුණන පළියටම
දමා අඩුම ළංසුවට
ඇයිද මගෙ සොයුරියේ
විකිනෙන්නේ දැන දැනම,
ලාභ වෙළඳ භාන්ඩයක් වී….?
කොළොම් පුරේ සිරි නරඹමු
අන්ධ අඳුරු පැයේ
ළොව සැතපෙන රැයේ
කොළොම් පුරේ සිරි නරඹමු ගාළු පාර දිගේ..
නේක විසල් මවන විමල්
නාරි යොවුන් නෙත් අඳුළැල්..
සාද තෙපුල් වාද කළල්
සඟවාගත් මැදුරු විසල්..
කෙරෙන සියල් අමන කම්
පාට පාට ලෝකයක්..
මුළු ලෝකෙට රෑ උනාට උන් හට නම් නැහැ රැයක්..
ඈත ක්‍ෂිතිඡ ඉමේ..
හිරු හිනැහෙන උදේ
පෙරදා මහ රැයේ..
සියළු රහස් සඟවාගෙන
කිසිත් නොදත් ලෙසින්..
මහ මන්දිර බලා හිඳී අද රෑ වෙනකල්..
කොයින්ද මේ තරම්…?
ගලන්න මේ තරම් හැඩට
ගඟට කොයින්දෝ දියවර ..?
හමන්න මේ තරම් සැඩට
කොයින්ද මේ සුළං පවර..?
වහින්න මේ තරම් බරට
අහසට දිය බිඳු කොයින්ද..?
පිපෙන්න මේ තරම් හැඩට
එක යායට මල් කොයින්ද..?
මවු බිම වෙනුවෙන් දන් දුන් සිය පුතු වෙනුවෙන් වැළපෙන
මවුනගෙ කඳුලිණුයි සබඳ මේ ගඟ හැදුනේ..
ජීවන අත්වැල ගිළිහී පැටව් සමග තනිවී ගිය
සෙබළ බිරියකගෙ සුසුමිනි සුළඟ සැදෙන්නේ..
සිහිනෙන් මිස සැබෑ ළොවේ යළි කිසි දවසක නොදකින පෙම්බරයා නමින් හෙලන
පෙම්වතියන් කඳුළු අරන් වැස්ස වහින්නේ..
රණ බිම වැද අප වෙනුවෙන් දිවිදුන් හෙළ විරුවන්ගේ
ලේ දහදිය කඳුළුයි මල් වෙලා පිපෙන්නේ..
