හොරෙන් අහන් හිටිය දෙබසක්..

වීදියේ එක් කොනක

මහ රෑ……

අගු පිළක පහන් කල රාත්‍රි

හැමදාම මේ වගේ

සීතලට උණුහුමට ..

දහසක් දනන් මැද

දවසකට රුපියලක් සිඟා ගිය

පුන්චි කොල්ලා

දේදුන්න ඔතා දුන් කොළ දහයකුත් සමඟ

එක දවසක් අහුවෙලා පොලීසියට

ගුටි කෑවා ඇටකටු කැඩෙනකල්

දැන් එතැන් සිට……

 

ට්රීන් ට්රීන්..”

හෙලෝපොලිස් ස්ටේෂන්,”

ඕයි කෝ තමුසෙලාගෙ ලොක්කා..?”‍

.අයි.සී සර්, කෝල් එකක්..”

සර්.. මේ නවයේ වත්තේ කළු විල්බට්..අද අල්ලපු එකා මගේ ගෝළයෙක්..”

ඇත්තද?.. මේ.. අපෙ ගෙදර ළඟදි පොඩි උත්සවයකුත් තියෙනවා..”

සිම්පල්නෙ බොස්..මට බඩු ලැයිස්තුව ලැබෙන්න සළස්සන්න..”

පී.සී..,ගන්නවා ඔය කොල්ලාව එළියට..ජීප් එකෙන්ම ගිහින් දානවා නවයෙ වත්තට..”

Advertisements