ඔබ මට ආදරෙයි නම්…….

සුදු සඳ සේළය එලලා

ඒ මත රන් තරු ඉහලා

ඔබට වඩින්නට පළසක් හදා තියන්නම්..

 හිරු රැස් කෙන්දක් ගලවා

පිනිබිඳු එකිනෙක අමුනා

ඔබේ ගෙලේ පළඳන්නට බලා හිඳින්නම්..

 මල් ගෙන මී පැනි පුරවා

වළාකුලක එය ඔතලා

ඔබේ පවස නිවාගන්න තියා තියන්නම්..

 ඔබේ නමින් කවි ගොතළා

කොවුල් නදින් තණුව දමා

ගතේ සිතේ ගිම් නිවන්න ගීත ගයන්නම්..

 මගේ හදින් ඔරුව සදා

ආදරයෙන් රුවළ වියා

පරිස්සමින් දිවි ගඟුලින් එතෙර කරන්නම්..

Advertisements

3 thoughts on “ඔබ මට ආදරෙයි නම්…….

  1. ලස්සන අදහස් ටිකක් හොදට ගලපලා තියෙන බවක් පේනවා
    ඒත්
    ඉහත කියවෙන ‍බොහොමයක් දේවල් කෙසේ හෝ කළ හැකි වුවත්

    හිරු රැස් කෙන්දක් ගලවා
    පිනිබිඳු එකිනෙක අමුනා
    ඔබේ ගෙලේ පළඳන්නට බලා හිඳින්නම්..

    ටිකක් විතර නොගැලපෙන ගතියක් පේනවා වගේ නේද? මොකද අනිත් සේරම පද වල තියෙන්නේ සුභවාදී අදහසක් මේ පද පෙළේ විතරක් කරන්න බැරි දෙයක්
    පිනිබිඳු හිරැ දුටු විගසින් වියැකි යනවා නේද?

    • rathutharuva says:

      හැම දෙයක්ම සිතිවිල්ලක් විතරයි. ආදරය වෙනුවෙන් හැම දේම කරන්න පුළුවන් කියලයි
      මම කියන්න හදන්නෙ. ස්තූතියි අදහසට

  2. chamara says:

    gooooooooooood

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s