සුරංගනීට මාළු ගෙනාවා

බස් එකේ හරකෙක් කථාව දැක්කම මටත් පොඩි කථාවක් මතක් උනා. මේක අපේ චූටි නංගිගෙ ඔෆිස් එකේ පියන් මහත්තුරු දෙන්නෙක් කරපු වැඩක්. බදුල්ල දිස්ත්‍රික්කයෙ ලංකා බැංකු ශාඛාවක නංගි වැඩ කරන්නෙ. ටිකක් දුෂ්කර පළාතක්. බැංකුවෙ වැඩ කරන ගෑණු ළමයෙක් අළුත් මොබයිල් ෆෝන් එකක් අරගෙන. ඉතිං මේ ළමයා ෆෝන් එක මේසෙ උඩ තියල ගිය වෙලාවක පියන් මහත්තුරු දෙන්නා ෆෝන් එක අරගෙන දෙමල මනුස්සයෙකුට කියල “සුරංගනීට මාළු ගෙනාවා” සිංදුව කියවලා රිංග් ටෝන් එකට දාලා.. හවස ගෙදර යනකොට බස් එකේදි දැන් ෆෝන් එක රිංග් වෙනවළු මහ හයියෙන්.. දෙමල මනුස්සයෙක් දෙමල ආරෙට   “සුරංගනීට මාළු ගෙනාවා” සිංදුව කියනකොට ඉතිං හිතාගන්න පුළුවන්නේ…!!!!  දැන් ඒ ගෑනු ළමයා අකමැතිම සිංදුව “සුරංගනීට මාළු ගෙනාවා” ළු.

Advertisements

පාර කියනවද මට තනි තරුවේ..

පාර කියනවද මට තනි තරුවේ.. ගොම්මන් යාමේ ඔහු හමු වන්නට..

පාලු අඳුර මැද හදේ කවුලු හැර.. ඔහු නිදනා සුව යහන් ගැබේ..

අතීතයේ බැඳි ප්‍රේමය මනරම්.. වැව් දිය මත කළ කල් වැනි සිතුවම්

හව් හරනක් නැති ගව් ගනනක් දුර ඇවිද යන්න මට පාර කියනවද

ගනඳුරු අහසේ සඳට තනි රකින..තනි තරුවේ..

මාවත අයිනේ සක්මන් මලුවේ..තනි මග තනිවම සක්මන් කරනා

උමතු සිතේ ගොලු හැඟුම් කියන්නට පාර කියනවද

සඳට මුවා වී ලොවට මතක නැති..තනිවම හිනැහෙන තනි තරුවේ..