සුරංගනීට මාළු ගෙනාවා

බස් එකේ හරකෙක් කථාව දැක්කම මටත් පොඩි කථාවක් මතක් උනා. මේක අපේ චූටි නංගිගෙ ඔෆිස් එකේ පියන් මහත්තුරු දෙන්නෙක් කරපු වැඩක්. බදුල්ල දිස්ත්‍රික්කයෙ ලංකා බැංකු ශාඛාවක නංගි වැඩ කරන්නෙ. ටිකක් දුෂ්කර පළාතක්. බැංකුවෙ වැඩ කරන ගෑණු ළමයෙක් අළුත් මොබයිල් ෆෝන් එකක් අරගෙන. ඉතිං මේ ළමයා ෆෝන් එක මේසෙ උඩ තියල ගිය වෙලාවක පියන් මහත්තුරු දෙන්නා ෆෝන් එක අරගෙන දෙමල මනුස්සයෙකුට කියල “සුරංගනීට මාළු ගෙනාවා” සිංදුව කියවලා රිංග් ටෝන් එකට දාලා.. හවස ගෙදර යනකොට බස් එකේදි දැන් ෆෝන් එක රිංග් වෙනවළු මහ හයියෙන්.. දෙමල මනුස්සයෙක් දෙමල ආරෙට   “සුරංගනීට මාළු ගෙනාවා” සිංදුව කියනකොට ඉතිං හිතාගන්න පුළුවන්නේ…!!!!  දැන් ඒ ගෑනු ළමයා අකමැතිම සිංදුව “සුරංගනීට මාළු ගෙනාවා” ළු.

Advertisements

7 thoughts on “සුරංගනීට මාළු ගෙනාවා

  1. says:

    ඒකනම් එළකිරි වැඩක්

  2. ඒ ඔයාගේ නංගිම නේද? 🙂

  3. ucbalangoda says:

    දවසේ හොදම විහිළුව…..නියමාමාමාමාමාමාමාමාමායි……

  4. ecH says:

    ඔය රිං ටෝන් නම් දැන් එක එක ඒවා තියෙන නිසා අවුලකුත් නෑ.

  5. අපේ කොල්ලෙකුට ඔයිට හොඳ වැඩක් වෙලා තිබුණා. උගෙ යාළුවෙක් ඔය වගේම උගෙ ෆෝන් එක හොරෙන් අරං රෙකෝඩ් කරල අමු තිත්ත කුණුහරුප ටිකක්. මෝඩ තකතීරු වැඩක් තමයි 😀 .

    ඉතින් අපේ මෑන් මේක දන්නෙ නෑ… හොඳ හැටි නිදාගෙන AC බස් එකක කොළඹ එද්දි මහ හයියෙන් ෆෝන් එක රිං වුණාලු. දන්නවනෙ AC බස් ඇතුලෙ වැඩි සද්දයක් නැති බව. මූ ඇහැරිලා බලනවලු කවුද මේ කුණුහරුපෙන් බණින්නෙ කියල. බලනකොට ෆෝන් එක! :-O

    මූ ගත්ත ෆෝන් එක — කෝල් එක ගන්නෙත් නැතුව ඕෆ් කළා — ආයෙම ඔළුව ගහගෙන නිදාගත්තා — ඔළුව ඉස්සුවෙ නෑ පිටකොටුවට එනකම්ම. 😀


    මේ තකතීරු යාළුවා මම නොවන බවට අවධාරණය කර සිටිමි. 😀

  6. chanaka says:

    මම දාගෙන ඉන්නෙ පූසෙක් කෑ ගහන සද්දයක්. 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s