මේ කොඩිය යටට එන්න…

me-kodiye

එන්න මේ කොඩිය යටට..

මෙතන හරි හෙවනයි

පක්‍ෂ,පාට,කුළ මල නැති‍

ජාති භේද කිසිවක් නැති

රොක් වෙන්න මේ කොඩිය යට

හරිම අභිමානයක් දැනේවි‍‍

ගත පුරා දුවන ලෙය උණුසුම් වේවි..

ඔද තෙද විදා රුපුන් මැද

ඉන්ද්‍රඛීළයක් සේ නැගී සිටින්නට..

එන්න මේ කොඩිය යටට එකා වන්ව

Advertisements

13 thoughts on “මේ කොඩිය යටට එන්න…

  1. c4 says:

    හා හා මාරයි

    පක්‍ෂ,පාට,කුළ මල නැති‍
    ජාති භේද කිසිවක් නැති

    මෙ ඔය කොඩිය යට ඉන්න අයද? කවදා ඉදලාද?

    දෙමලුන්ටත් එක්කද ඔක කියන්නේ ?

    • rathutharuva says:

      මේ රටේ ඉන්න හැමෝටම මේක අදාලයි. සිංහළ, දෙමළ මොකා උනත් කමක් නැහැ. අපි හැමෝටම ප්‍රශ්නෙ තියෙන්නෙ සහ තියෙන්න ඕනෙ දෙමළුත් එක්ක නෙවෙයි. LTTE ත්‍රස්තයන් එක්ක සහ LTTE ත්‍රස්තයන්ට උඩගෙඩි දෙන අය එක්ක පමණයි.

      • c4 says:

        මම හිතන්නේ ඔබ තුමා කේතුමතිය ගැන ලියලා අපේ කොඩිය දලා තියනවා මෙක සිහිනේන දුටු එකක්ද ?

  2. නියමයි! අපි කොඩිය යට ඉන්නේ!

    කොටි යට නෑ ඉන්නේ!

  3. c4 says:

    ඔබකුමා ගේ විදුරු හිනේට ගලක් ගහලා මෙන්න මෙතන http://sandaknethisandellak.blogspot.com/2009/04/blog-post_23.html

  4. chanaka says:

    වටිනා අදහසක්

  5. අනුරාධ says:

    එන්න මේ කොඩිය යටට
    මෙතන ඇත්තටම හරි හෙවනයි
    ඕනෑම ජඩ වැඩක් කරළා එන්න
    මේ කොඩිය ඔබට හෙවන දේවි
    අත් දුටුවයි! සහතිකයි!!

    කරුණා වගේ අහිංසකයින් මරලා ආවත්
    පිල්ලයාන් වගේ ආයුධ එක්ක ආවත්
    දුමින්ද සිල්වා වගේ ළමයින් දූෂණය කර ආවත්
    මෙතන ඒ හැමෝටම හෙවනයි.

    පරාළ ඇණ පුංචිනිලමේ වුනත් කමක් නෑ
    බුකී සුමතිපාල වුනත් කමක් නෑ
    කොටියට කඩේ ගිය චන්දසෙකර් උනත් මොකෝ?
    උන්ගේ ජඩකම් අපි කවදාවත් ප්‍රශ්න කළාද?
    නෑ! ඔක්කොම එක මවකගේ දරුවෝ!
    හැමෝම එක කොඩියේ සෙවනේ

    එන්න එන්න මෙන්න අපේ සීනිබෝල හෝටලේ…

    අනුරාධ

  6. c4, ඇහුවේ ඉතිං මැණික් ගලක් වුණොත් කියලා මිස. කොහන් ආවද හොයන්න බෑනේග අරැ ගැහුවේ මු ගැහුවේ කියලා කියන නිසා.

    කොහොම වුණත් වැරද්ද අපේ නෙමේ. කොඩිය අයිති රට පාලන කරන/කල අයගේයිග

  7. කුමාර සෙනෙවිරත්න says:

    ඔය ෙකාඩිය යට තව ඉඩතියනවද? අෙප් පිරබා මල්ලියටත් ඒන්න තමයි හිත මයෙ හිෙත්.
    – ඩයා මාට්ටර්-

  8. අනේ මන්ද කොඩි කතාව මොකක් උනත් අපේ අයටනම් හැම දේකම ඇද මිසක් වෙනදෙයක් නම් පේන්නෙ නෑ.. ඒක ජාතික පුරුද්දක්! හික්!

  9. මේ කියන විදියට තව්තිසා දෙව් ලොවින් දෙවි කෙනෙක් ඇවිත් එන්නෙ මේ කොඩිය යටට කියල දෙව් ලොව කොඩිය පෙන්නුවොත් විතරයි කට්ටියම යන්නෙ කට ඇරගෙන! අනේ අනිච්චං මෙහෙමත් මිනිස්සු…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s