මේ කොඩිය යටට එන්න.. පසුවදන

c4, බින්කු, චානක ,අනුරාධ, කුමාර සෙනෙවිරත්න සහ හර්ෂ, ඉස්සර වෙලාම ස්තූති කරන්න ඕන ඔයාලා හැමෝටම. එල්ල කල ගල් සහ මල් වලට. එක එක්කෙනා එක එක විදිහට මේ නිසඳැස අර්ථකථනය කරල තිබුනා සහ තේරුම් අරගෙන තිබුනා.එක එක මානයන් වලට ගිහින් මේ නිසඳැස දිහා බලලා තිබුනා.මගේ පෝස්ට් එකකට ලැබුනු වැඩිම කමෙන්ට්ස් (13) ගනන ලැබුනෙත් මේකට.

හැමෝගෙම අදහස් සමග එකඟ වෙනවා සහ හැම එකක්ම අගයත් කරනවා.මම මේ නිසැඳසින් කියන්න උත්සහකලේ අපි එකමුතු වෙමු කියලයි.. කොඩිය යටට එන්නකියල අදහස් කලේ ජාති,ආගම්,කුල මෙකී නොකී හැම දෙයක්ම අත ඇරලා අපි එකතු වෙමු, ඊට පස්සේ අපේ පෙදු සතුරන්ට (LTTE ඇතුළු අපේ රටට විරුද්ධ හැම කොටසකටම) එරෙහිව නැගී ඉමු කියන එකයි මම අදහස් කලේ.සතුටුයි හැමෝම මේ නිසඳැස ගැන දක්වපු අදහස් වලට.මේ සහයෝගය මේ විදිහටම ඉදිරියටත් බලාපොරොත්තු වෙනව. 

6 thoughts on “මේ කොඩිය යටට එන්න.. පසුවදන

  1. ඒක ඒකා ඒ පොඩි පැදි පෙලට කොඩියේ ඒක ඒක කොණවල් ඇල්ලුවා නොවැ?

    හික්ස්

    කොහොම වුණත් පැදි පෙලක් එක්ක රෑපයක්.

    ලියන්න දිගටම අපි මල් ගල් වැල් මුල් එවන්නම්කෝ.

    • rathutharuva says:

      ගල් නම් නැතුවත් කමක් නැහැ..මල් නම් හොඳා.. හික් හික්..

  2. සමහරු උඩ බලාගෙන ගල් ගහනවා. ඒකයි දුක. 🙂
    දිගටම ලියන්න….

Leave a reply to -බිன்ku- Cancel reply