මේ වළා රොද මම නම්…..

531300762_5cd4fd76fe_m

මේ වළා රොද මම නම්..

මුවා කරනෙමි චණ්ඩ හිරු රැස්

නොදී පෙලන්නට මාවතේ, වැඩබිමේ වෙහෙසෙන

සොහොයුරන් හා සොයුරියන්..

මේ වළා රොද මම නම්..

පාව යන්නම් දුරින් දුර අහසේ

නෙත් පුරා විඳිමින් මගෙ මව් බිමේ සිරි දසුන්..

මේ වළා රොද මම නම්..

සරන්නෙම් මේ දියත පුරා

හඬ ගා කියමින් අසිරිමත් බව සිහළුන්..

මේ වළා රොද මම නම්..

හැපී මියෙන්නම් කඳු මුදුනතක

මුදා හැර මගේ පණ නළ මහා වැස්සක් ලෙසින්..

දළදා වතුර ගැන… http://vidula-sinhala.blogspot.com/2009/06/blog-post.html

දින වකවානු නම් හරියටම මතක නැහැ.නමුත් මම අහල තියෙන කතාව මේකයි, බ්‍රිතාන්‍ය පාළනය යටතට ලංකාව උඩරට ගිවිසුම හරහා පවරාගත්තේ බුද්ධාගම ආරක්‍ෂා කරන බවට පොරොන්දු දෙමින්. නමුත් එම පොරොන්දුව කඩ කරමින් බ්‍රිතාන්‍යන් දළදා ප්‍රදර්ශනය හා පෙරහර පැවැත්වීම තහනම් කලා. මේ නිසා ලංකාව පුරා දරුණු නියඟයක් පැතිර ගියා. නියඟය නිමා කර වැසි ලබා ගැනීමටනම් යළි දළදා ප්‍රදර්ශනයක් පැවැත්විය යුතුබවට රට වැසියන් එකහෙලාම කියාසිටි නිසාත් නියඟය නිමාකර වැසි ලබාගැනීමේ උවමනාව ඔවුන්ට තිබූ නිසාත් දළදා ප්‍රදර්ශනයකට ඔවුන්ට එකඟ වන්නට සිදු වූවා. ප්‍රදර්ශනය සඳහා වැඩ සිටින මාළිගයෙන් පිටතට ගත් සැනින් දළදා වහන්සේ පෙළහර පෑවා. මාළිගය අසල තල් ගසක් මුදුනට වැඩම කල උන් වහන්සේ සවනක් රැස් විහිදුවමින් වැඩ සිටියා. ඒ සමගම අහස ගුගුරා මහා වැසි පටන් ගත්තා…දින ගනනාවක් නොනැවතී වට වැස්සෙන් කිරි මුහුද හෙවත් නුවර වැව පිටාර ගලා මුළු මහනුවරම යටව ගිය බව පැරණි පොත පතේ සඳහන් වෙනවා. දළදා වතුර කියා හඳුන්වන්නේ  ඒ මහා ජල ගැල්මයි.

ප්‍රීතියි..ප්‍රීතියි..!!!!

මගේ බ්ලොගිය පටන් අරන් තාම මාස දෙකක් විතර…ඔන්න අද තමා හිට්ස් 2500 පැන්නුවේ.මට හුඟක් සතුටුයි..වැඩිය කමෙන්ට්ස් නම් වැටෙන්නෙ නැහැ. විවේක බුද්ධියෙන් ලියන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරු නිසා හිතට නැගෙන එක එක දේවල් ලියන්නෙ. කට්ටිය සමාවෙන්න හොඳ අර්ථවත්යමක් ඔයාලට දෙන්න තාම බැරි වීම ගැන. රතු තරුව බලන්න ආපු හැමෝටමත් කමෙන්ට්ස් දාලා දිරිමත් කරපු අයට සහ කමෙන්ට්ස් නොදාපු හැමෝටමත් හුඟක් ස්තූතියි. බ්ලොග් ගැන ජීවිතේට අහල නොතිබ්බ මට, බ්ලොග් කියන්නෙ මොකක්ද?කොහොමද බ්ලොග් එකක් පටන් ගන්නෙ සහ පවත්වාගෙන යන්නෙ කියල අ යන්නෙ ඉඳල  ගුරු මුෂ්ඨියක් නොතබා මට ඉගැන් වූ මගේ”බ්ලොග් ගුරු ” හර්ෂදේවයන්ට මගේ විශේෂ ප්‍රණාමය.

මගේ සිත මට දෙන්න…

මගේ හිත

දුරක සිට නුඹ ඇවිත්

මගේ ලඟ දැවටිලා

මගේ හිත නුඹ ලඟම තියාගෙන මට නොදී..

දඟකාර සිනාවෙන් තවත් සරදම් නොකර

ඉතින් කෝ දෙන්න

මගේ සිත යළි මටම..

වීරෝධාරද? වීරෝදාරද?

රණ විරුවන්ට ජය පතා හැම තැන්කම ලෙළ දෙන බැනර් පෝස්ටර් හැම එකකම වාගේ  ‘වීරෝධාර රණ විරුවන්’ යනුවෙන් සඳහන් වී තිබෙනව කවුරුත් දකින්න ඇති. අපිට සිංහල පාඩමට කියා දුන් විදිහට මේක වැරදියි. සමහර විද්‍යුත් නාළිකාවල් ප්‍රවෘත්ති නිවේදනයේදීත් ‘ත්‍යාග ප්‍රධානෝත්සවය..’ වගේ උච්ඡාරනයනයන් ඇහෙනකොට අන්ද මන්ද වෙනව.අපි ඉංග්‍රීසි භාෂාවේදී නූලට තිතට අක්‍ෂර වින්‍යාසය සහ උච්ඡාරයනයන්ගැන සැළකිල්ලක් දක්වනවා වාගේම ඇයි සිංහල භාෂාවේ ව්‍යාකරන සහ උච්ඡාරනයනයන්ටතැනක් දෙන්නෙ නැත්තේ? ඉංග්‍රීසි හරියට කතාකරන්න ලියන්න කියවන්න බැරි අයව සම්ච්චලයට ලක් කරනවා. එහෙම නම් අපි වඩා හිනා විය යුත්තේ සමච්චලයට ලක් කල යුත්තේ  සිංහල බස වැරදියට වහරන සිංහළයන්ටම නොවේද? ඉංග්‍රීසි යනු අපේ මව් බස නොවේ.. ඒ නිසා ඉංග්‍රීසිය හරියට හෝ කොහෙත්ම බැරිවීම යනු ලැජ්ජාවට කරුනක් නොවේ. (හැබැයි ජනමාධ්‍ය වල  ඉංග්‍රීසි භාවිතය නිවැරදි ලෙස සිදුවිය යුතුය .ඒ භාෂාව ඉගෙන ගන්නා අය ඒ සඳහා  ජනමාධ්‍යද භාවිතා කරන බැවිනි) අපි දන්නා සිංහල හෝ හරියට ලියනවා නම්, සැකයක් ඇත්නම් දන්නා කෙනෙක්ගෙන් අසා දැනගන්නවානම්(විශේෂයෙන් ජනමාධ්‍ය තුල භාවිතයේදී) අපේ  බස අච්චාරුවක් වීම ටිකක් හෝ පමා කරගත හැකිය.

කියවන්නhttp://www.lakbima.lk/archive/last_31_05_09/index.htm