සිතිවිලි……

491054744_594621b29f_m

වස්සානය නැත තවම ඇවිදින්

පොළෝ තළයම වියළි කතරකි

මගේ පුංචි පළඟැට්ටෝ..

එන්න එපා තවම පිටට, සැඟවී නුඹ සිටින තැනින්..

මට අහිමි මගේ අහස…

සත් සියක් ආකාස කුසුම් පිපි මගෙ අහස..

ගව් ගනන් වලාකුල් වසා ගත් මගෙ අහස..

හිරු සඳු නැගී දිවා රෑ එළිය වු  අහස..

ලොවට හිමි මට අහිමි මගේ නිල්වන් අහස…

අඳුරු රෑ අමාවක මට නොපෙනෙනා අහස..

ඇයිද මට බැරි උනේ තරුවක් වෙලා ඉන්න..

සමනලෙක්වත් වෙලා නුඹ ලඟට ඉගිලෙන්න..

තටු දෙකක් ඉල්ලන්න කෙනෙක් කොහෙවත් ඇතිද…

නුඹව හැඩ කරන දේදුන්නක් වෙලා ඉන්න..

සුළඟක් වෙලා ඇවිත් නුඹ ළඟම දැවටෙන්න..

මේ හීනයෙන් අවදි වී මා බලන දිනක..

එකම එක මොහොතකට මං ලඟින් ඉන්නවද….?

මේ පැදි පෙළට යෙදීමට මාතෘකාවක් හිතාගන්නට බැරි විය…

මල් වලාකුළු අතර පාවෙලා

මනහරයි නුඹේ ඔය ගායනා..

අතු පතර සැඟව හිඳ පායලා

හිරු එබෙයි හැමදාම අසන්නට නුඹෙ ගායනා….

සිත් විලේ පුල් පියුම වාසනා

හංස දේහිනි ඒ විලේ කිමිදෙනා

නුඹෙ පහස ලබන රිසියෙන් වෙලා

ගත හඬයි කෑ ගසා මැඩ සිතේ වේදනා….

සැලෙන නූ පුර හඬින් මත් වෙලා

මල් මදන ඇත් රජුන් කැළඹිලා

සිත නැති කයක ලකුණ රස රහස් බස් දොඩා

සිනාසෙයි මට නුඹෙ සළුව යට සැඟවිලා….

අපේ අපේ අපේ….!!!

ahasa ara piyambanna

නිදහසේ ඉගිළෙන්න

සුළඟ සේ පා වෙන්න

මේ නීල අම්බරේ

කුමට සීමා මායිම්..

දළු දමා පැළ වෙන්න

ළොවට හෙවනක් වෙන්න

මේ මහ පොළෝ තලේ

කුමට වැටකොටු සරදම්..

මේ තාරුන්‍යයේ සුඹුල් නොඉඳුල් පැතුම්

සිඳ දමා බිඳ දමා

කුරිරු වෙන්නට එපා..

පරපුරෙන් පරපුරට පැවත එන මේ විසල් දායාදය

පවරන්න කාළයයි දීපයයි දේසයයි..

අර අහස,මේ පොළොව,

හිරු සඳුද තරු කැටද

අපේ අපේ අපේ….!!!

නිදහස්ව යනතුරා…..

ramani

මගේ හද ගීතයට

තනුව වූ නුඹම යළි

මගේ නෙතු කඳුළුවල උණුසුමත් වෙලා..

කවියක් වගේම හැඩට

ලියාගෙන ආ ජීවිතය,

ආයෙමත් අතරමග නැවතිලා තනිවෙලා..

කදෝපැණියෙකු ලෙසින්

ජීවිතය බදාගෙන

වේදනා වින්ද සිත,

මරණයට ගී ගයන රැහැයි හඬ මැද තනිව

මග බලා ඉන්නවා..

නිදහස්ව යනතුරා මේ කයින් ඉක්මනට

මලක කඳුළු..

flower

හොඳට බලන්න..

මේ පිණි බින්දු කියලා රැවටුනා නේද?

තාමත් බැහැ ඔබට මගේ කඳුළු අඳුරගන්න..

මට දුක හිතුනේ ඇයි කියලා අහන්නේ නැද්ද?

මේ රළු පොළොවේ අමාරුවෙන් පිපී..ලස්සනට හිනා වෙවී බලන් උන්නේ..

ඔබ ඇවිත් මාව නෙලාගන්නකල්..

උනුහුමට ඔබෙ දෝතේ තුරුල් වෙන්න..

ආසාවෙන් හිටියේ මම..

ඇත්ත තමයි..

“පේමතෝ ජායතී සෝකෝ..”