………….

සිනාවක් නැති කථාවක් නැති
කඳුළත් යළි නොඑන ගමනක් ගිහින්..
කවුළුවක් නැති නුඹෙ හද කුටිය පාමුළ
කෑගසා නුඹට අඬගැසී මුත්
නුඹට නෑසෙන මගේ කටහඬ
තවත් වෙහෙසනු බැරි නිසාවෙන්..
හද රිදුම් දෙන වේදනාවන් තවත් විඳවනු කිම්ද..
නුඹට නොපෙනෙන නුඹට නෑසෙන
තිබුනත් නැති වුනත් නුඹට කම් නැති
නුඹට මහ මෙරක් යැයි මුළා වී මා සිතා සිටි
මගේ ආදරය…
මේ රළු බිමේම මිහිදන් කර
කවදාද නුඹ දැනගන්නේ නුඹටත් නොකියාම මා පිටව ගිය වග…?