නුඹ කොහේද?

බිංදු බිංදු කඳුළු බිංදු
මා නෙතු අග රැන්දු රැන්දු
සිනා පොදත් අරන් මගේ නුඹ කොහි සැඟවුනාදෝ..?

ඈත මෑත කොහිත් නැතුව
කොහෙන් ඇවිත් කොහි ගියේද
සුළඟ ඇවිත් ගියා වගේ නුඹ කොහි පා උනාදෝ..?

සඳත් තරුත් නැති අහසට
කණා මැදිරි එළි කුමටද
මගේ සඳත් තරුත් නිවා
නුඹ කොයි අත ගියාදෝ..?

සමනලයෝ..සමනලයෝ..

OLYMPUS DIGITAL CAMERA

සමනලයෝ සමනලයෝ..
එන්න එපා මගේ ලඟට.. සුවඳ මලලු මම අම්මගෙ..
සමනලයෝ සමනලයෝ..පොඩි රහසක් කියන්නදෝ..?
පුංචි මගේ හිතට අගේ..මම නම් මගෙ අප්පච්චිගෙ..
සමනලයෝ සමනලයෝ..අම්මට හෙම කියන්නෙපා..
දුක හිතුනොත්..?තරහ ගියොත්..?
මා නළවන්නේ කවුදෝ..උක්කු හදන්නේ කවුදෝ..?
දඩිබිඩියේ මං වැටුනම..ගේ හෙල්ලෙන්නට ඇඬුවම..
“මගේ සුදූ” කියමින් විත් මා සනසන්නේ කවුදෝ..?

සලකුනක් වත් නෑ..

treeඅපි ඔහේ ඇවිද ගිය මං මාවතේ..

අපි ගිය වගට සලකුනක් වත් නෑ..

පිණි වරුසාවේ තෙමී..

උණුහුමට තුරුළු වී..

අපි සිපගත් වගට සලකුණක්වත් මහ නුගය යට නෑ..

නොදැනීම හමු වී..

නොකියාම වෙන් වී..

දෙමංසලකදි දෙමග ගිය වග කව්රුවත් දන්නෑ..

මෙහෙමත් නම් ගොඩක්..!!

Senu

අම්මා මට කියන්නෙ සුදූ කියලා..
අබ්බාටයි මාමාටයි මම සුදු මහත්තයා..
මාමාඅක්කාට නම් පිස්සුද කොහෙද..එයා මට නොකියන නමක් නෑ..!!
අක්කා මට කතා කරන්නෙ බන්චි කියලා..
අම්මම්මාගෙයි,ශියාගෙයි,අත්තාඅම්මාගෙයි චූටි පුතා මම
අත්තාගෙ නම් පොඩි ගමරාළ..
අප්පොච්චියේ..මෙහෙමත් නම් ගොඩක්..!!
මට තවත් නමක් තියෙනව කියල තමයි ආරංචිය..
ඔය මොන නම තිබ්බත් මම නං මට කියන්නෙ “බබා” කියල..
ලෝකෙ තියෙන ලස්සනම,කියන්න ලේසිම සහ මම ආසම නම ඒක.