මේ ලොවේ මගේ කියා මට තිබුනේ

මගේ සතුට විතරයි..

මේ ලොවේ අගේ කියා මට තිබුනේ මගෙ නිදහස පමණයි..

 

සීත මද නළක් දිගේ ඇවිත් ලඟින්ම දැවටිලා..

කුණාටුවක් වගේම රුදුරු මා සතු හැම දේ නසා..

ජීවිතේ මගේ නපුරු සිහින ගොන්නකින් වසා..

යන්න දෙනු මිසක් කෙසේද ඉන්නෙ තවත් ළං වෙලා..

 

කවි ගොතා දුකට හිතේ පුංචි සැනසුමක් ලබා..

පලා ගිය වසන්තය මා අතැර දුරට පාවෙලා

අද අදම එතැයි යලිත් ඉන්නෙ මං මග බලා..

Advertisements