High Speed

රූං ගාලා ඉගිලෙනකොට

ඇස් කඩාන බලං ඉඳියි…..

අඟර දඟර සමනළියන්

හිත ගන්නට පෙරලි කරයි….

අහස් ගවුව පෙනෙයි නුඹට

අල්ලන්නත් හිතෙයි හිතට

බලාගෙනයි පරිස්සමින්

“High Speed”භයානකයි….

කිසිවක් නැත මෙලොව…

නොමැත කිසිවක් මෙලොව..
“අත්හල නොහැකි” යනුවෙන්
අත්හල යුතු දෑ අත්හල යුතුම වේ
කැමැති අකමැතිකම් නොසලකා..
වැලිකැටයක් තරම් වත් මේ දේවල් වටිනවාද
යන කලට මිනිසුන් ජීවිතයත් හැරදා..
කාටවත් මතකයක්වත් තියේවිද
කිසි කෙනක් වද වෙයිද
තම අතම තම හිසට සෙවනැල්ල වන කලට..

උඹෙයි මගෙයි වෙනස..

පුංචි කූඹිත්තෝ..
මටත් උඹවගේ ඉන්න පුළුවන් නම්..
කාටවත් නොපෙනී..
පුංචි කූඹිත්තෝ..
උඹෙන් කාටවත් ඇත්තටම කරදරයක් නොවුනත්
අනන්තවත් අය උඹව කරදරයක් වගේ දකිනව..
පුංචි කූඹිත්තෝ..
මට තියෙන්නෙත් ඔය ප්‍රශ්නෙමයි..
වෙනස, උඹෙ ජීවිතය උඹව කරදරයක් කරල පෙන්නනව
මගෙ ආදරය මාව “ඇණයක්” කරල පෙන්නනව..

ඉතිං ඔන්න ඒ දවසත් ආවා..

ඉතිං අන්තිමේදි මං ඇත්තටම යන්න යනව
දුකයි..කඳුළු ටැංකි ගානක් පුරවල
අන්තිමේදි හිත හදාගත්තා බොහොම අමාරුවෙන්..
මේ තරම් දුර ආවා ඇති…
මට තවත් හිත රිද්ද ගන්න බැහැ..
කොයිතරම් කරදර තිබුනාද..
තව ඉස්සරහට එන්න තියෙනවද..
ඒ කිසිදෙයක් තඹයකට මායිම් නෑ මට
ආදරෙයි තවමත් කියල දැනෙන්න ඇරියානම්..
අහස ඉල්ලුවෙ නෑ මං
ඉර හඳවත්..තාරුකාවක්වත් ඉල්ලුවෙ නැහැ මං
ඔතරම් කල් මටම විතරක් සින්නක්කරව අයිති වෙච්ච
ඔය හිතපුරාම පිරී තිබිච්ච් ආදරය..කරුණාව..සැලකිල්ල විතරමයි..
ආයෙමත් කවුරුවත් කරදර කරන එකක් නෑ ඒ කිසිදෙයක් ඉල්ලලා..
හිටපු එකම කරදරකාරයත් යන්න ගියාම..

නුඹට නොතේරුනද..

කඳුල සහ දහඩියෙන්
බොහෝ වෙර වීරියෙන් තනාගත්
මගේ පුංචි මාළිගාව
තුලට වැද සෙවනක් සොයා සා පිපාසෙන් ආ කල
අනේ..! යැයි කියා නවාතැන් දුන් කලට වැද එතුල
ගඩොලින් ගඩොල කොනහමින් ගලවන වග
වටහා නොගතිමි වහලයත් කඩාවැටෙනකල්ම..

වනේ වන සතෙකුවත් සතුරු වී නොආ මට
මාවත් සතුරු කර දුරට වී කෙළිදෙලෙන් හිඳින සඳ
අමා රැස් දහරකැයි කියා
ගොරතර හිරු කිරණ වැද දැවී හළු වී ගිය
පළාපෙත්තා මමමය..

මග යන දැන දැනම අකුලකැයි
කටු ගල් කැබළි ඇනී දෙපතුල් ලේ ගලද්දී..
යන්නට වෙන මගක් ගන්නට සිත යා නොදෙයි
තනිවම දමා නුඹ
ඔතරම් මට නපුරුකම් කල..