කවිය මියැදුනාය – the last post by Rathutharuwa.

අන්තිම කඳුළු බිංදුවත්
ගලාගිය පසු යළිදු හැඬුමකට ඉඩ නොතබාම
හිතේ කොණකින් රුවක් මතු වී මොහොතින් අතුරුදන් වෙද්දී
ඉකියකටවත් සවියක් තවත් ඉතිරි වී නැති මා ළඟ
කවදා කොහේදී හෝ දැක පුරුදු මතකයක් සෙවනැලි අඳී

අනේ මා මේ තරම් හැඬෙව්වේ කිමැයි
පිළිතුරක් ඔබ ළඟත් නැති අපූරුව
සසර ඉම කෙදිනවත් ආයිමත් මා හඬවන්න
ඔබේ ඒ මහා පාවාදීම තව වරක් කරන්නට නැත හසර
යලිදු ඔබව හමුවන්න පතා නැති නිසාවෙන්

පුංචි මා නෙත් ලඟට මගේ සිහිනය දකින
හසරැල්ල ගෙනෙන්නට දැකපු මිරිඟුව ලඟට
ගොඩට ගෙන මිහිදන්ව තිබුනු මගෙ හීන දෙණ
අරුමයක්මැයි විඳින’යුරු ඔබේ ජීවිතය

බොල් අහස, රළු පොළොව සුළඟවත් නොදන්නා
කිසි කලෙක කිසිවෙකුත් කිසිත් දැන නොගන්නා
රිදුනු හිත කෙදිනවත් සුවපත් වන බව ඔබත් නොදනන්නා
කවිකාරි මියැදුනා ඔබ කියයි ” She had a thing for me (not that I am the one who started it first) I think she went through a mid life crisis. Good that she is gone.It was not healthy. (was not healthy  for ME)