අපේ ගෙදර දඟකාරී

සමනලයෙක් වගෙ අහිංසකයි
මලක් වගේ හැඩයි කදිමයි
චූටි නංගිව දකින කවුරුත් කියන්නේ එහෙමයි…
එයාගේ දඟ වැඩ දන්නේ ගෙදර අය විතරයි

අම්මගේ සාරියක් ඇඳන්
පාසැලක් දමයි තනියෙන්
වැඩ නොකර දඟ කරන ලමයින්ට හරි සැරයි ඈ නම්

මගේ කාඹරයට රිංගාලා
පොත් සියල්ලම ඇද දමලා
අකුරු ලියනව කියා සිතලා කුරුටු ගා දමලා
අහිංසක ලෙස හිනා වෙන්නේ ටිකිරි දත් පෙන්නා

අම්මගෙන් ගුටියක් වැදුනොත්
තාත්තා පොඩ්ඩක් සැර උනොතින්
අඬාගෙන විත් තුරුළු වෙයි මට පුංචි දඟකාරී

මරා දැමීමට නොහැකි වී… කවිය

දුවගෙන යන්නට ගව් ගණනක් ඇතිමුත්,
පියවරක්වත් නගාගත නොහැකිව වැතිරී ඔහේ සිටියෙම්
මරා දමන්නට වෙර දරමින් කවි කාරිය…
එහෙත්,
ඈ මිය නොයන්නී…සිත තුලම කවි ගෙත්තම් කරන්නී…
ජීවිතය යදින්නී…බලන බලන අත සොඳුරු සිතිවිලි මවන්නී…
එහෙයින්…
මියෙන්නට යළි ඉඩ නොදෙමී…රකිමී…කවිකාරී…