සුරංගනා කතාවක්??

එකෝමත් එක කාලෙක අම්මා කෙනෙක් එයාගෙ ලස්සන පුංචි දුවයි කටකාර පුතයි එයාලාගෙ තාත්තයි එක්ක හුඟාක් සතුටින් ජීවත් උනාලු. මේ පවුලෙ තාත්තා හුඟාක් ආදරෙන් එයාලාව බලාගත්තාලු. දවසක් ඒ තාත්තා එකපාරටම නපුරු රාක්ෂයෙක් වෙලා පුංචි දුවයි පුතයි උදුරගෙන ගිහින් අහසෙ හැංගුවලු.

අම්මා නපුරු රාක්ෂයා පිටිපස්සෙන්ම හිටියලු කවදහරි ආයෙමත් අර හොඳ තාත්තා වෙලා පුංචි දුවයි පුතයි එයාට ආයිමත් ගෙනත් දෙයි කියලා. අනේ ඒත් එක දවසක් ඒ රාක්ෂයා අම්මාව බිම දාලා පාගලා විෂ දළවලින් ඇනලා එයාව මරා දැම්මලු. ඊට පස්සෙ ඒ අම්මා වලාකුලක් වෙලා තවමත් අහස පුරාම එයාගෙ පුංචි දුවවයි පුතාවයි හොයනවලු.

ඉතිං ඔන්න ඒ දවසත් ආවා..

ඉතිං අන්තිමේදි මං ඇත්තටම යන්න යනව
දුකයි..කඳුළු ටැංකි ගානක් පුරවල
අන්තිමේදි හිත හදාගත්තා බොහොම අමාරුවෙන්..
මේ තරම් දුර ආවා ඇති…
මට තවත් හිත රිද්ද ගන්න බැහැ..
කොයිතරම් කරදර තිබුනාද..
තව ඉස්සරහට එන්න තියෙනවද..
ඒ කිසිදෙයක් තඹයකට මායිම් නෑ මට
ආදරෙයි තවමත් කියල දැනෙන්න ඇරියානම්..
අහස ඉල්ලුවෙ නෑ මං
ඉර හඳවත්..තාරුකාවක්වත් ඉල්ලුවෙ නැහැ මං
ඔතරම් කල් මටම විතරක් සින්නක්කරව අයිති වෙච්ච
ඔය හිතපුරාම පිරී තිබිච්ච් ආදරය..කරුණාව..සැලකිල්ල විතරමයි..
ආයෙමත් කවුරුවත් කරදර කරන එකක් නෑ ඒ කිසිදෙයක් ඉල්ලලා..
හිටපු එකම කරදරකාරයත් යන්න ගියාම..

උත්තර නැති ප්‍රශ්න..

සුලඟ සේ ඇවිදින්
මටත් හොර රහසින්
මාලඟින්ම දැවටිලා ඇයිද දඟ මෙතරම්..?

මගක් යන්නට තිබුනු අහුරා
මල් යටින් උල් පතුරු අතුරා
ළදරුවෙක් සේ දෑස හකුලා
සිනාසෙනු කෙලෙසින්..?

නෙතු පියාගෙන කඳුළු පුරනා
වසන්තය යලි ඒවි යැයි සිතා
කොයිතරම් දිගුවක්..බලා ඉනු මෙලෙසින්..?