මගේ අම්මා…

කවදාවත්
වදනකින්වත් මගේ හිත නොරිදපු
බැල්මකිනුදු මට නපුරු නොවුනු
පිරිත් පැන් පොදක් සේ මගේ ගත නිවාපූ
සෙත් කවක් සේ මගේ හිත සනසාපූ
මේ ලොව එකම කෙනා..

Advertisements

ඉතින් මට අවසරයි..

ආයෙමත් කවදාවත් නො එන්නම
යන්නම යන්නම්..
මේ සංසාර ගමනේ කොයියම්ම මොහොතකවත්,කොතැනකදීවත් හමු වෙන්න නොපතාම..
ගලා යන ගංගාව ගලා ගියාදෙන්
හැපි හැපී ගල්පර පුරා..
ව්සුරුවා පෙණ කැටි නගා..
හැඩ පෙනෙයි බෝ ලෙස නැගී
රිදුනමුත් එය නොම දැනී..
බිඳී යා නොදී බැඳි ළබැඳියාව..
රකින්නට වෙර දැරූයෙම්..
උමතුවෙකි යැයි කියූ
එයමැයි අරුම මා නොතැකූ..
සත් සියක් සෙනඟක් වටා උන් නමුත්
හිස් තැනක් විය නුඹට මාද මට නුඹද නැති කල්
ඇති වී නැතිව යන මේ සියල්
විඳ දරාගනු විනා අන් යමක් කරන්නට හැකි වෙද අසාර වූ මේ ජීවිත ගමනේ…??
ඉතින් මට අවසරයි..
සබඳ නුඹටත් වේවා සුභ ගමන්..!!!

සලකුනක් වත් නෑ..

treeඅපි ඔහේ ඇවිද ගිය මං මාවතේ..

අපි ගිය වගට සලකුනක් වත් නෑ..

පිණි වරුසාවේ තෙමී..

උණුහුමට තුරුළු වී..

අපි සිපගත් වගට සලකුණක්වත් මහ නුගය යට නෑ..

නොදැනීම හමු වී..

නොකියාම වෙන් වී..

දෙමංසලකදි දෙමග ගිය වග කව්රුවත් දන්නෑ..

දකිනවාද මාව විතරක් …

අනිත් හැමෝටම හිටියත්.. මට විතරක් නැති..
ලඟට එන්න හිතුනත්..මට විතරක්ම බැරි..
අහසක් තරම් දුර..සයුරක් තරම් විසල්
කවියක් තරම් ලස්සන.. තනුවක් තරම් මිහිරි
මගේ උනත් එහෙමමත් නැති..හීනයකින්වත් මාව දකින්නේ නැති..
ඇතුවාටත් වඩා මට කිසිම කිසි විදිහකින් නැති..
මට කියන්න.. කඳුලක් තරම් වත් මාව වටිනවානම්..
උදේ පිපුනු මල් පෙත්තක රැඳුනු පිණි බිංදුවක..
රෑ අහසේ පුංචි තරුවක..
හැමදාම දකිනවාද මාව විතරක් මේ විශ්වය පුරාම..?

………….

සිනාවක් නැති කථාවක් නැති
කඳුළත් යළි නොඑන ගමනක් ගිහින්..
කවුළුවක් නැති නුඹෙ හද කුටිය පාමුළ
කෑගසා නුඹට අඬගැසී මුත්
නුඹට නෑසෙන මගේ කටහඬ
තවත් වෙහෙසනු බැරි නිසාවෙන්..
හද රිදුම් දෙන වේදනාවන් තවත් විඳවනු කිම්ද..
නුඹට නොපෙනෙන නුඹට නෑසෙන
තිබුනත් නැති වුනත් නුඹට කම් නැති
නුඹට මහ මෙරක් යැයි මුළා වී මා සිතා සිටි
මගේ ආදරය…
මේ රළු බිමේම මිහිදන් කර
කවදාද නුඹ දැනගන්නේ නුඹටත් නොකියාම මා පිටව ගිය වග…?

……..

යන අතර ජිවිතේ දුර මගක් ගෙවාගෙන
අතරමගදී හමු වූ යාත්‍රිකයාණෙනී..
කොහි සිට ආවාද නුඹ, කාටවත් නොපෙනී
මා මෙතෙක් දකිමින් නිදා උන් පාට පාට
සිහිනයට..?
අළු පාට තවරාපු කඳුළු විතරක් පිරිණු
මගේ මේ සිහිනය නැහැ සොඳුරු..
ඒ උනත් හැමදාම දකින මේ සිහිනයෙන්
අවදිවන්නැයි කියා කියන්නට නම් එපා..
ලෝකයක් පිරෙන්නට දෙන්න කිසි දෙයක් නැති
ලෝකයම පිරෙන්නට ඉල්ලන්න කිසිත් නැති
මට, නුඹ සිහිනයක්මැයි..
කල්ප කාළයක්වත් පෙරුම් පුරා
ලබා ගනු  බැරි නමුදු
බලා ඉන්නම් නොපෙනී යන තුරුම මා පසුකර
තව තවත්   ඈතට..
බලාගෙන තරු දිලෙන නිශාවේ අහස දෙස
පා කර ලොකුම ලොකු සුසුමක් ඒ අහස දිහාවට
ආයිමත් මම නුඹට නෑ කවි ලියන්නේ….
අයිති නැති කිසි දෙයක් නිසා ලොබ නොබැඳි සිත
ඇයි කියා දන්නෙ නැහැ නුඹ පසු පසම විතරක්
දුවන්නේ..
මට සමාවෙන්න..
ආයිමත් මම දෙන්නෙ නැහැ මගෙ හිතට ආදරේ
වෙන්න නුඹට..
නුඹ කවදාවත් මගේ නෙමෙයි…