සිනාසෙන්න අමතක වන්නට රිදුම්..

smile

සීත කඳු මතින්

වලාකුළු මැදින්

අලුත් ඉරක් අලුත් ඉරක් ය මේ නැගෙන්නේ

නැවුම් දිනක් නැවුම් දිනක්ය මේ හිනැහෙන්නේ..

අවුරා ඇත මග තොට වැට කොටූ

අතුරා තිබේය එමග විස කටූ

දිනා ගන්න යන මේ ගමන ජීවිතේ..

සිනාසෙන්න අමතක වන්නට රිදුම්..

සිහින සෑමදා සිහිනයක් නොවේ

කඳුළු සතුටු කඳුළුවලට පෙරලෙතේ

දිනා ගන්න යන මේ ගමන ජීවිතේ..

සිනාසෙන්න අමතක වන්නට රිදුම්..

Advertisements

නුඹ කොහේද?

බිංදු බිංදු කඳුළු බිංදු
මා නෙතු අග රැන්දු රැන්දු
සිනා පොදත් අරන් මගේ නුඹ කොහි සැඟවුනාදෝ..?

ඈත මෑත කොහිත් නැතුව
කොහෙන් ඇවිත් කොහි ගියේද
සුළඟ ඇවිත් ගියා වගේ නුඹ කොහි පා උනාදෝ..?

සඳත් තරුත් නැති අහසට
කණා මැදිරි එළි කුමටද
මගේ සඳත් තරුත් නිවා
නුඹ කොයි අත ගියාදෝ..?

IN da CLUB..

මනමාළ කුරුල්ලන් ජේත්තුවට ඇඳ,යාප්පුවෙන් පෙම් බස් දොඩවාගෙන
ජාති ජාති රිය පිට පටවාගෙන හීන ලොවක් මවතෙයි ..
තෙතෙයි තෙයි ආදර බස් දොඩතෙයි..
සරුංගල් වගේ..ඈත අහසේ..
කිරි කිරි බෝලේ,රැළි මාලේ..
කොයින්ද මෙතරම් පැටික්කියන් යස..
අන්ද මන්ද වී යයි..
සියොළඟ දවනා අමුතු ගින්දරින්
සිත මුසපත් වී යයි..
එකිනෙක ගැටෙනා..වීදුරු නටනා..
ඇස්දෙක බමණා..හිස කරැකෙන්නා..
බෝම එලි මැද..හාද කම් බිඳ
රැයක් ගෙවී එලි වෙයි..
ගෑව වත්සුණු..පෑව සුකොමල
සැබෑ සපුව පෙනෙතෙයි..
තෙතෙයි තෙයි අබිනික්මන සිහිවෙයි..

බාලොලි ලොලි..බාලොලි ලොලි..

බාලොලි ලොලි..බාලොලි ලොලි..
මගෙ රන් කිරි කැටියෝ..
නිදාගන්න හිරු ඇහැරෙන තුරු..
මගෙ රන් කිරි කැටියෝ..

අම්මා නුඹේ දුරක ගියේ..
කිරි එරවා එන්ට නොවේ..
ගඟ හඬවා නිහඬ රැයේ..
නුඹෙ අම්මා..කොයිබ ගියේ..?

අතට වෙරළු ඇහිඳ ගෙනේ..
ඉනට පළා..නෙලාගෙනේ..
බරටම දර කඩාගෙනේ..
ඒ අම්මා නැත එන්නේ…

කියන් මට..

කව්ද කියන් මට කඳුලැලි දුන්නේ අහසට මෙතරම්..මේ තරම්..
කව්ද කියන් මට හසරැලි දුන්නේ මුහුදට මෙතරම්..මේ තරම්..
කව්ද කියන් මට මලකට දුන්නේ හැඩ රුව මෙතරම්..මේ තරම්..
කව්ද කියන් මට ඔබට ආදරේ මා තරම්.. මා තරම්..

පෑල දිගින් පායන දේදුන්නේ
නෙළුමක සුදු මුදු මල් පෙති අතරේ
නොනිවී දැල්වෙන පහණක එළියේ
ඔබව දකිමි මම හැමතැන දියතේ..

ඉඩ දෙන්න හැර යන්න මේ නිවස මා සිටින..

විසිරී ගිය ජීවිතය පුරා

දිය දහරක් සේ ගලා..

ආශාවන් සහ බැඳි බැම බිඳ හැර..

ඉඩ දෙන්න හැර යන්න මේ නිවස මා සිටින..

මා නොවන මගෙ නොවන වෙන කවුරුවත් නොවෙන

ඔබ නොමැති ඔහුත් නැති

හඬවන්න කෙනෙක් නැති

පාරක් තොටක් නොමැති

අහසක් හෙටක් නොමැති..

ඉඩ දෙන්න හැර යන්න මේ නිවස මා සිටින..

තත් කාලයේ දොරින් පිටවෙලා ඉගිලෙන්න

සිතක් මිස කයක් නැති

දොරින් දොර සොයා යන

ඉඩ දෙන්න හැර යන්න මා සිටින මේ නිවස

යලිත් මා නොඑන ලෙස..

මට අහිමි මගේ අහස…

සත් සියක් ආකාස කුසුම් පිපි මගෙ අහස..

ගව් ගනන් වලාකුල් වසා ගත් මගෙ අහස..

හිරු සඳු නැගී දිවා රෑ එළිය වු  අහස..

ලොවට හිමි මට අහිමි මගේ නිල්වන් අහස…

අඳුරු රෑ අමාවක මට නොපෙනෙනා අහස..

ඇයිද මට බැරි උනේ තරුවක් වෙලා ඉන්න..

සමනලෙක්වත් වෙලා නුඹ ලඟට ඉගිලෙන්න..

තටු දෙකක් ඉල්ලන්න කෙනෙක් කොහෙවත් ඇතිද…

නුඹව හැඩ කරන දේදුන්නක් වෙලා ඉන්න..

සුළඟක් වෙලා ඇවිත් නුඹ ළඟම දැවටෙන්න..

මේ හීනයෙන් අවදි වී මා බලන දිනක..

එකම එක මොහොතකට මං ලඟින් ඉන්නවද….?