සමනලයෝ සමනලයෝ..
එන්න එපා මගේ ලඟට.. සුවඳ මලලු මම අම්මගෙ..
සමනලයෝ සමනලයෝ..පොඩි රහසක් කියන්නදෝ..?
පුංචි මගේ හිතට අගේ..මම නම් මගෙ අප්පච්චිගෙ..
සමනලයෝ සමනලයෝ..අම්මට හෙම කියන්නෙපා..
දුක හිතුනොත්..?තරහ ගියොත්..?
මා නළවන්නේ කවුදෝ..උක්කු හදන්නේ කවුදෝ..?
දඩිබිඩියේ මං වැටුනම..ගේ හෙල්ලෙන්නට ඇඬුවම..
“මගේ සුදූ” කියමින් විත් මා සනසන්නේ කවුදෝ..?
Advertisements