දන්නා කෙනෙක් ගැන නොදන්නා දේ – I

මේ සටහන් පෙළ ලියන්න හිතුවෙ ලෝකයට බිහිවු අතිව්ශිෂ්ඨ චරිත කීපයක් ගැන බොහොමයක් අය නොදන්නදේවල් ටිකක් ගැන කියන්නයි.

 

පටන් ගැන්ම සටහන් කරන්නම් යහපත් සමාජයක් අපේක්ෂා කරන හැම කොටසකගෙම(විශේෂයෙන් තරුණ කොටස් අතර)අසීමිත ආකර්ශනයට පත් සදාකාලික වීරයා (ර්)නෙස්ටෝ ගුවේරා ඩී ලා සෙ(ර්)නා හෙවත් අපි කවුරුත් දන්නචේ ගුවේරාගෙන්.

 

උපන්නෙ ආජන්ටිනාවෙ රොසිරෝ වල. දිනය 1928 ජූනි 14. බොහොම අවාසනාවන්ත විදිහට ඇදුම රෝගයේ ගොදුරක් උන පුංචිටෙටේ නිසාම අවුරුදු නවයක් වෙනකල්ම පාසැල් යන්න ලැබෙන්නෙ නැහැ. කොහොම උනත් ටෙටේ වැඩෙනවා, තමන්ව පීඩාවට පත් කරන රෝගයට අභියෝග කරමින්. රග්බි ක්රීඩාවෙත් ඔහු යෙදුන බව බොහෝ අය නොදන්නා  කරුනක්.

 

අවුරුදු විස්සෙදි බුව(ර්)නෝස් අය(ර්)ස් වෛද් පාසැලට ඇතුල් වෙද්දී තරුණ (ර්)නෙස්ටෝගේ එකම බලාපොරොත්තුව උනේ සාර්ථක සහ දක් වෛද්යවරයෙක් වීමයි. සංචාරයට ඇති අසීමිත ආශාව නිසාම මේ කාලයේදී උතුරු ඇමරිකාවේ කි.මී 4500 බයිසිකල් සවාරියක් යන මේ තරුණ වගේම කඩවසම් ඉලංදාරියාගේ ජීවිතය විශාල පෙරළියකට ලක් කරන්නේ තමන්ගේ හොඳම මිත්රයා, ඇල්බ(ර්)ටෝ ග්රැනාඩෝ සමග ලා පෙඩරෝසාවේ නැගී පුරා මාස නවයක් ලතින් ඇමරිකවේ කල සංචාරයයි.

යටත්විජිතවාදයත් කුරිරු පාළනයත් විසින් අභිමානවත් ශිශ්ඨාචාරයන් පත්කර තිබෙන තත්වය සහ වැලලෙන්නට උපන් බිමේ බිම් කඩක් අහිමි පාරම්පරික ජන කොටස් (ර්)නෙස්ටෝව  කම්පනයට පත් කල ආකාරය මෝටර් සයිකල් දිනපොත නමින් පසුකලක මුද්රණය වූ , එම සංචාරය අතර තුර ඔහු ලියූ සටහන් සාක්ෂි දරනවා.

 

වෛද් උපාධිය සම්පූර්න කරන (ර්)නෙස්ටෝ ඉන්පසු යළිත් වරක් ලතින් ඇමරිකාව වටා සංචාරයක යෙදීමෙන් පසු ඔහුගේ මීලඟ නැවතුම සටහන් කරන්නේ ගෝතමාලාවෙන්එහි සිදුවන රාජ් පෙරළියෙන් පසු මෙක්සිකෝවට පලා යන ඔහුගේ සැබෑ විප්ලවයකට දායක වීමේ සිහිනය සැබෑ වෙන්නේත්චේයන ආදරණීය නාමයෙන් අභිෂේක ලබන්නේත් කියුබානු විප්ළවවාදීන් වන රාවුල් සහ පිදෙල් සොහොයුරන් සමග එක්වීමෙන් අනතුරුවයි.

 

ග්රැන්මා නැවෙන් රහසේම කියුබාවට ගොඩ බසින මේ පිරිස කියුබානු ජනතා ආශිර්වාදය මැද එවකට පැවති බැටිස්ටාගේ කෲර රජය පෙරලා දමනවා. ඉන් අනතුරුව පිදෙල්ගේ නායකත්වය යටතේ පිහිටුවනු ලබන නව රජයේ මුදල් අමාත් තනතුරටද ඉන් පසු කර්මාන්ත අමාත් තනතුරටද පත්වෙන මේජර් චේකියුබානු පුරවැසිභාවයෙන් පිදුම් ලබනවා. තනතුරු පිලිබඳ අබමල් රේනුවක තැකීමක් නොකල මේ පරමාදර්ශී විප්ලවීය නායකයා ලද හැම විටකම කම්හල්, වැඩබිම් සහ ගොවිබිම් වල සිය ශ්රමය වැයකලා. කියුබාව නියෝජනය කරමින් ජාත්යන්තර සමුළු ගනනාවක්ම ඇමතූ චේ සෝවියට් රුසියාව,චීනය වැනි සමාජවාදී  රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම සංචාරය කලා.

 

මේ අතරතුර යළිත් වරක් ක්රියාකාරීව විප්ලවයකට දායක වීමේ තදබල උවමනාව චේ ගේ සිතේ නළියමින් තිබුනා.තමා දරන ලද සියළු තනතුරුවලින් ඉල්ලා අස්වූ චේ ෆිදෙල් ඇතුළු තම මිතුරන්ටත් බිරිඳ අලෙයිඩා සහ දරුවන්ටත් දෙමව්පියන්ටත් සමුගැනීමේ ලිපි ලියා තබා අතුරුදහන් වුවා.ඉන් අනතුරුව දොස්තර රමෝන් නමින් බොළිවියාවට රහසේ ඇතුල්වන චේ එහි සියෙරා මයස්ට්රා නම් පෙදෙසේ සිට බොළිවියානු විප්ළවය ඇරඹීමට ගරිල්ලා ව්‍යාපාරයක් දියත් කලද එය සාර්ථක වෙන්නේ නැහැ.

1967 ඔක්තෝබර් 8, රජයේ හමුදාව සහ ගරිල්ලන් අතර යූරෝ දුර්ගයේදී ඇවිලී යන සටනේදී තුවාල ලබන චේ බොලිවියානු හමුදාව විසින් අල්ලා ගන්නවා.පසු දින ලා හිඟුවේරා නම් ගමේ අබලන් පාසැල් ගොඩ නැගිල්ලක් තුල මේ තරුන සටන්කාමියා ඝාතනය වන්නේ ජීවන මගේ 39 වන සැත්පුම්  කණුවේදී.

 

පුද්ගළිකව සමාජවාදය පිළිබඳ මගේ උනන්දුවක්වත් නැහැ නමුත් මේ චරිතය මගේ වීරයෙක් වෙන්නෙ ඔහු තුල  තිබූ මනුස්සකම, නොසැලෙන වීර් හා සංවේදී කම නිසාමයි. දන්නා හැම දේම ලියන්න නොහැකි උනත් මේ සටහන තුලින් මගේ අරමුණ ඉටු උනා කියලා හිතෙනවා.

Leave a comment