Romeo..Romeo..

රෝමියෝ ඔබ කොහි ගියෙද රෝමියෝ
රෝමියෝ කොහි සැඟවුනිද රෝමියෝ

දුරක ගියා ගිය බව දනිමී
යළි ආවාදැයි නොම දනිමී
ම’වෙත නො එන බව නම් දනිමී
මා අමතක වන බව දනිමී
රෝමියෝ මට අහිමි මගෙ රෝමියෝ

හීන පුරා ඔබෙ රුව අඳිමී
සුළඟෙ දිගේ ඔබෙ හඬ අසමී
සියල්ල මායාවකි දනිමී
රෝමියෝ යළි හමු නොවන රෝමියෝ