ඉඩ දෙන්න හැර යන්න මේ නිවස මා සිටින..

විසිරී ගිය ජීවිතය පුරා

දිය දහරක් සේ ගලා..

ආශාවන් සහ බැඳි බැම බිඳ හැර..

ඉඩ දෙන්න හැර යන්න මේ නිවස මා සිටින..

මා නොවන මගෙ නොවන වෙන කවුරුවත් නොවෙන

ඔබ නොමැති ඔහුත් නැති

හඬවන්න කෙනෙක් නැති

පාරක් තොටක් නොමැති

අහසක් හෙටක් නොමැති..

ඉඩ දෙන්න හැර යන්න මේ නිවස මා සිටින..

තත් කාලයේ දොරින් පිටවෙලා ඉගිලෙන්න

සිතක් මිස කයක් නැති

දොරින් දොර සොයා යන

ඉඩ දෙන්න හැර යන්න මා සිටින මේ නිවස

යලිත් මා නොඑන ලෙස..