දෙ ගුරුන් ඉදිරියේ
උසක නොයිඳිනු සරියේ
එන සඳ ඉදිරියේ
නැගිට වැඳලා සිටිනු සරියේ
Category Archives: සිරිත් මල්දම
සිරිත් මල්දම 24 හැදියාවෙන් පිරි යහපත් දරු පරපුරක් උදෙසා…
දෙමව්පිය කී යම්
වැඩක් ඇත හොත් කළ යම්
අත් නොහැර කර පෙම්
කරනු යහපති නොකර මැළිකම්
සිරිත් මල්දම 23 හැදියාවෙන් පිරි යහපත් දරු පරපුරක් උදෙසා…
මහලු වී සිටියත්
රුවින් අඩු වී සිටියත්
දුප්පත්ව සිටියත්
දෙ මවුපිය වැඳ පුදනු යහපත්
සිරිත් මල්දම 22 හැදියාවෙන් පිරි යහපත් දරු පරපුරක් උදෙසා…
කිය නොහැකි දුක් ගෙන
වැඩූ අප මවු පිය ගුණ
බඹ සුර කා විසින
කියා නිමවනු හැකිද කෙලෙසින
සිරිත් මල්දම 21 හැදියාවෙන් පිරි යහපත් දරු පරපුරක් උදෙසා…
බොජුන් දී රස කර
සොඳින් නාවා නිදි කර
පෙමින් සුරතල් කර
මවුන් වැඩු අපි වඳිමු හැම වර
සිරිත් මල්දම 20 හැදියාවෙන් පිරි යහපත් දරු පරපුරක් උදෙසා…
බොළඳ බස් කියමින
සුවඳ මල් ලෙස ඉඹිමින
ඇඟද තෙල් ගාමින
පැහැද මව්වරු වැඩූ හැම දින
සිරිත් මල්දම 19 හැදියාවෙන් පිරි යහපත් දරු පරපුරක් උදෙසා…
කුලුණු මෙත් වැඩුමෙන
එරුණු කිරි ටික පොවමින
දරුණු දුක් විඳගෙන
තියුණු නුවණින් වැඩූ පණ මෙන
සිරිත් මල්දම 18 හැදියාවෙන් පිරි යහපත් දරු පරපුරක් උදෙසා…
ලබන තුරු දස මස
දුකින දැරුවත් දරු කුස
දකින තුරු තම ඇස
කලණ මව්වරු වෙසෙත් සැප ලෙස
සිරිත් මල්දම 17 හැදියාවෙන් පිරි යහපත් දරු පරපුරක් උදෙසා…
නොයෙක් කරදර විඳ
සැපක් ගැනුමට නොම හිඳ
දුකක් දැරු හැම සඳ
මවක් වැනි වෙන මෙලොව කවරෙද
සිරිත් මල්දම 16 හැදියාවෙන් පිරි යහපත් දරු පරපුරක් උදෙසා…
ගියත් ගම් රටවල
මහත් දුක් ඇත සිත තුළ
වඩත් දරු පෙම් බල
අපිත් අප පිය වඳිමු හැම කල