අළු මතින් නැගිටපන් පුංචි කිරිල්ලී..

පියාපත් විදහා

ඉගිලියන් පුංචි කිරිල්ලී

සිඳ දැමූ තටු පොඩි

යලිත් දළු ලා එන්නේ..

ඉගිලියන් පුංචි කිරිල්ලී

අත්තටූ සවි වැඩෙයි..

වෙර දරා නැගිට

වැකි දූලි පිසලා

යුගත් විහිදා ඉගිල්ලීයන්

පුංචි කිරිල්ලී

අහස් ගඟ දුර නෑ..

තාරුකා කෝඩයට අත්ල පෑ

දැවී ගිය අළු මතින්

නැගිටපන් පුංචි කිරිල්ලී

ගයාපන් නුඹේ ගීතය

කාලයටවත් මතක් වේවිද

මගේ හිත රිදුනු තරමටම
මගේ නෙත් හඬපු තරමටම
එපා කවමදාවත් නුඹේ හිතනම් රිදෙන්න
එපා ඔය නෙත් ඒ තරම් තෙත් වෙන්න..

ලෝකයක් තරම් ආදරය එකතු කර
දුන්න නුඹෙ අම්මා තරමටම බැරි උනත්
සාගරය තරමටම කරුණාව පෑ ඒ අම්මා තරමටම නැති උනත්
කාලයේ කඩතුරාවට වැසී නුඹට නොපෙනී යන නමුත්
ආදරේ මගේ උසයි මහමෙරට වැඩිතරම්..

කිසිවෙකුත් කිසිකලක දන්නේ නැති උනත්
ඔබත් මමත් බොල් අහසත් පමනක්ම දැන සිටි නමුත්
තව ටික දවසකින් නුඹටත් අමතකව යතත්
කාලයේ මතකයෙ ලියැවිලා තිබෙයි හැමදාටමත්..

ඉතින් වැටී හිටියා ඇති..

කළුවරේ තව තවත් ගුලි වී
අන්ධකාරයට ඉඩ දී
ලේ ගලද්දී හදවතින්
වැතිරී කිමද ඉඩ දී තවත්
කඳුළු වැස්සට..

පාගාගෙන ඉන්න ඉඩ නොදී තවත්
නැගිටින් කළු කපා එළියේ නැගෙන හිරු මෙන්
ජීවිතේ පිණි බිංදුවක්
සමන්ලුන්ටවත් නැති ඉඩක්
හිස් තැනක් ඉතුරු වී ඇති නමුත්
යන්න ඉඩ දෙන් බදා නොඉඳ
ජීවිතේ..

කල්ප කාලයක් පුරා වගේ දැනෙන
ගෙවී ගිය කාලය නිමේශයකින්
අවදි වී නිදි නැති හිත යටින් රිංගාගෙන
උදුරාගෙන ගිය එලි නොවන හීනය
ඉරා පොඩිකර පාගා දැමූවත්
නැගිට දෙපයින්  හඬනගා සිනාසිසී
අරඹන් නොනිමි චාරිකාව ආයෙමත්..