මට ආදරේ ඇති හොඳටම..

සුදු සේද සළු පිළි නැතුවට..
රන් මාල රන් තෝඩු නැතුවට..
මේ පුංචි ලෝකයේ
මට ආදරේ ඇති හොඳටම..

සඳ දිය ගලා..
තුරුලිය තෙමා..
කව්ළුව අතරින් ඇදී..
හොරෙන් එයි මා සොයා..

පවුරු පදනම් බිඳ දමා
ලඟට එන්නට බැරිව ලතවෙන
මේ සුසුම් පොද..මේ කඳුලු බිඳ..
කවදාද නතර වෙන්නේ…

තාරකාවෝ හඬා වැටේවී
රෑ පුරා නිදි නැති නෙතින්..
තවත් ගිනියම් දහවලක් එයි..
එයට පසු දින කඩිනමින්..
කරදර එක පිට එකට වැටී එයි..
සිත එක් තැන් කර ගන්නට බැරි වෙයි..
දුරු රට යන්නට සිතක් පහල වුනු
ඔබ කවදාද යලි එන්නේ..?